දේශීය පුවත්

වසර හයක කාලයක් පුරා පදිංචිව සිටි ඉඩම්වලින් ඉවත් කළ 370ක් වන පවුල් යළි පදිංචි කරන ලෙස බලකරමින් මඩකලපුව දිවුල්පතාන ගම්වාසීහු පිරිසක් ඉකුත් දා එම ගම්මානයේ දී විරෝධතාවක නිරතිවී තිබේ.

දිවුල්පතාන ගම්මානයේ මේ වන විට ඉතිරිවූ පවුල් 30කට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නඩු පවරන බවට තර්ජනය කරමින් තමන්ව ඉවත් කිරීමට කටයුතු කරන බවත්, තම ගම්මානයේ පවුල් 300ක් පමණ ස්ථිර නිවාස හදාගෙන සිටිය දී එම නිවාස කඩා බිඳදමමින් බලහත්කාරයෙන් පන්නා දැමූ බවත් තමන් පදිංචි කාලය වන 2009 වසරේ සිට 2015 දක්වා තමන් කවුපි, ඉරිඟු, කැකිරි, මුං වගාකරමින් විශාල අස්වැන්නක් ලබාගෙන තමන්ට මෙන්ම රජයට ද විශාල ආර්ථික වාසියක් ලබාදුන් බවත් ඔවුහු පවසති.

මෙම අවස්ථාවට වැඩම කළ දිඹුලාගල අරුණපුර ශ්‍රී මහින්දාරාමයේ කෘත්‍යාධිකාරී පොල්ගහආරාවේ ඤාණානන්ද හිමියන් මෙහිදී සඳහන් කළේ අසාධාරණයට ලක්වූ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන තෙක් මෙම සටන් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවය.

මේ වන විට නැගෙනහිර පළාතේ දේශපාලන අධිකාරිය හා සංවිධාන එක්ව සිංහල ජනතාවට උරුමව තිබූ මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවද විරෝධතාකරුවෝ චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More