මඩකලපුව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ඊයේ(17) දින මඩලපුව නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, එයට හේතුව වූයේ පසුගිය 10 වැනිදා මනම්පිටිය – කොටලීය පාලම මත සිදුවූ බස්රථ අනතුරෙන් පසු ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බලපත්‍ර නොමැති බස් රථ ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
එම විරෝධයට දක්වන අවස්ථාවට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් එහිදී පළ කළ අදහස් වලට එම සංගමයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. එහිදී මන්ත්‍රීවරයාට සහාය පළ කළ පිරිස් විසින් අනෙක් පාර්ශ්වයට පහරදීමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වී තිබේ.
කෙසේ වෙතත් මෙම පහර කෑමට ලක්වූ දෙදෙනෙකු මඩකලපුව රෝහලට ද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...