යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අධිකරණ තීන්දුව මත සංශෝධන 59ක් සිදුකිරීමට එකඟතාව පළ වී තිබූ පසුබිමක එය දෙවැනිවර කියවීම සඳහා ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලුදෙනා එය දෙවැනිවර සම්මත කිරීමට එකඟතාව පළකර තිබිය දී සුසිල් ප්‍රේමජයන්ත සභානායකවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සංශෝධන ඇති බව පවසමින් එය කල්දැමීමට දැඩි උත්සාහය නිරත වූ බවද, එය ඉතා අශීලාචාර ක්‍රියාවක් බවද උත්තර ලංකා සභාගයේ නියෝජ්ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
කෙසේ හෝ විපක්ෂ නායකවරයාගේ හා අධිකරණ ඇමැතිවරයාගේ මැදිහත්වීම මත එය දෙවන වර කියවා සම්මත වූ නමුත් ඊළඟ කාරක සභා අවස්ථාවේ දී කිසිවක් සාකච්ඡාවට නොගෙන කාරක සභා අවස්ථාව පමණක් ලබාදී ඇති බවත්, එහිදී පොදුජන පෙරමුණේ දූෂිතයන් රැකීමේ සංශෝධන මෙයට ඇතුළත් කිරීමට ඉඩ ඇති බවට සැකයක් මෙහිදී මතු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව පැවසුවේ උත්තර ලංකා සභාගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...