දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී සති දෙක තුනකින් තානාපති කාර්‍යාලයක කාන්තාවක් තමංව පැහැරගෙන ගොස්, ලිංගික අඩන්තේට්ටම් කර, මරන්න උත්සාහ කළ බවට පැමිණිල්ලක් දැමූ බවත්, දැං එම කාන්තාව එය ඕනකමින් කළ බොරුවක් බව අධිකරණයේ දී පිළිගෙන ඇති බවත්, පසුව අරගලය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අයිං කළ බවත් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) පැවැති පොදුජන පෙරමුණේ තෙල්දෙණිය ආසන බල මණ්ඩල රැස්වීමේ දීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම්,

”ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා සති දෙක තුනකින් අපිට මතකයි නේද තානාපති කාර්‍යාලයක කාන්තාවක් තමංව පැහැරගෙන ගිහිල්ලා, ලිංගික අඩන්තේට්ටම් කරලා, මරන්න උත්සාහ කළා කියලා පැමිණිල්ලක් දැම්මා. දැං ඒ කාන්තාව ගිය සතියේ වරද පිළිගන්නවා මම ඒක ඕනකමින් කරපු බොරුවක් කියලා. ඉතිං අරගල කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අයිං කළා. ඊට පස්සෙ අලුත් ජනාධිපති කෙනෙක් ගෙනාවා. හැබැයි ඒ ජනාධිපතිවරයා පත් වෙලා රටට අලුතින් එක ඩොලර් එකක් එන්නෙ නැතුව පෙට්‍රල් පෝලිම් ටිකත් ඉවරයි, පැය 14 ලයිට් කපන එක පැය 02ට අඩු වුණා, ගෑස් ටැංකි එකක් වත් පිපිරුවේ නෑ. මේවා වුණේ කොහොම ද? මේ කුමන්ත්‍රණය අපි හිතන විදියේ ආණ්ඩු බලය ලබා ගන්න කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි. මේ කුමන්ත්‍රණය මේ සමස්ත ජාතියම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More