දේශීය පුවත්

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු, විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබාදුන් නිර්දේශයන්ට අනුව මෙම සංවිධාන පහේ තහනම ඉවත් කරනු ලැබේ.

ඒ අනුව, දැඩි කොන්දේසිවලට යටත්ව පහත සඳහන් ඉස්ලාමීය සංවිධානවල තහනම ඉවත් කෙරේ,

01. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)

02. ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)

03. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)

04. ලංකා තව්හිද් ජමාත් (CTJ)

05. එක්සත් තව්හිද් ජමාත් (UTJ)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හයක් තහනම් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

(Sunday Times)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More