උතුරු පළාතේ පිහිටි දිස්ත්‍රීක්ක වලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් එම දියර කිරි උතුරේම කිරි ආශ්‍රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් සී. රාකේෂ් නට්රාජ් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම උතුරු පලාතේ කෘෂිකාර්මික , සත්වපාලන, හා ග්‍රාමීය කර්මාන්ත ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණයන් ගනු ලැබිය.
එමෙන්ම උතුරු පලාතේ එකතුවන දියර කිරි ආරක්ෂා කරමින් උතුරේම දියර කිරි ආශ්‍රිත නිශ්පාදනයන් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අදාල පිරිස් ඉන්දියාවට රැගෙන ගොස් නව නිපයුම් හා නිශ්පාදන කටයුතු පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බවටද මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය කොන්සල් ජනරාල් වරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු පළාතේ බොහෝ ප්‍රමාණයක් ගව සහ එළුවන් ආශ්‍රෙයන් දෛනික් ජීවිකාව සිදුකරන අතරම දෛනිකව ලබාගන්නා කිරි වලින් වවිධ නිශාප්දනයන් සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදෙන්නේ නම් උතුරේ වැසියන්ගේ ආර්ථිකය තවත් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ඇති හෙයින් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කලයතු බවටද උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබවාය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...