දේශීය පුවත්

රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන මගින් ඉකුත් 2021 වර්ෂයේ නොවැම්බර් මස 02 දා සිට 2023 පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාස 15ක කාලයේ දී මෙරටට සහල් මෙට්‍රික්ටොන් නව ලක්‍ෂ විසිදෙදහස් හයසිය විස්සක් ආනයනය කර ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

මුළු සහල් ආනයනයෙන් සහල් මෙට්‍රික්ටොන් 80,842ක් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ආනයනය කොට ඇත.

මේ සඳහා රජය විසින් 2022 ජනවාරි මස රුපියල් මිලියන 1350ක් හා පෙබරවාරි මස රුපියල් මිලියන 5135ක් වටිනාකමින් යුත් භාණ්ඩාගාර ඇපකර මහජන බැංකුව වෙත නිකුත් කරමින් ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

2022 වර්ෂයේ සහල් මෙට්‍රික්ටොන් හයලක්ෂයක පමණ හිඟයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර, 2022-2023 මහ කන්නයේ ඇස්තමේන්තුගත අස්වනු ප්‍රමාණය සැලකිල්ලට ගෙන බාස්මති සහල් හැර සියලුම සහල් වර්ග ආනයනය නතර කිරීමට රජය විසින් පසුව තීන්දු කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More