ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින පුවතක් වාර්ථා වේ.
මෙරට දක්ෂ ක්‍රීඩිකාවක වන සචිනි කෞෂල්‍යා පෙරේරා පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස ගෘහ සේවයට ගොස් ඇති අතර, ඇය කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි ක්‍රීඩිකාවක බව ද වාර්තා වේ.
එම ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්ව ඇති අතර, නමුත් පැවති අගහිඟකම් හේතුවෙන් ඇය මේ වන විට මව්බිම හැරගොස් වසරකට ආසන්න කාලයක් ගතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...