රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවය.
ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පත්කිරීමත් පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බව විපක්ෂනායකවරයා අවධාරණය කර ඇත.
එම නිසා එවන් තේරීම් කාරක සභාවක කටයුතු කිරීම කාලය කා දමන නිරර්ථක ක්‍රියාවක් බැවින් සමගි ජන බලවේගය එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර, විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටුවේ තීරණය අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රටේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු සහ ඊට වගකිව යුත්තන් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...