දේශීය පුවත්

ඕස්ට්‍රේලියානු සංචාරයකින් පසු දිවයිනට පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේ සංවර්ධනය පිළිබඳව දැක්වූ අදහස් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ආරම්භ වී තිබේ.

එහිදී ඔහු පැවසුවේ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවාව හා සම්බන්ධ ගිලන්රථ සේවයේ දියුණුව පිළිබඳවය.

එහෙත් එබඳු දියුණුවක් එම සේවාවේ නොමැති බව එරට සිටින බොහෝ ශ්‍රී ලාංකික ප්‍රජාව සමාජ මාධ්‍ය හරහා වාර්තා කර තිබූ පසුබිමක අනුර කුමාර දිසානායක මහතා පැවසූ කරුණු අසත්‍ය බව තහවුරු කෙරිණි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ඕස්ට්‍රේලියානු සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබූ අදහස් පහළින් දක්වා ඇති අතර, එම සටහනෙන්ද තහවුරුවන්නේ ශ්‍රී ලංකාවේ තරම්වත් එරට ගිලන්රථ සේවාව දියුණු නැති බවය.

කොවිඩ් සමයේදී එරට ගිලන්රථ සේවයේ ප්‍රමාදයන් හේතුවෙන් මරණ 33ක් වාර්ථා වී තිබූ බවද, එම ගිලන් රථ සේවාවලට මුදල් අයකරන ආකාරය පිළිබඳව ද එම සටහනේ පැහැදිලිව දක්වා ඇති පසුබිමක ජාතික ජනබලවේගයේ නායකයා ඕස්ට්‍රේලියාව ගැන පැවසූ කතා සියල්ල මේ වන විට මිත්‍යාවක් බවට පත්ව තිබේ.

අදාළ සටහන පහළින්…

අනුරගේ ඇම්බියුලන්ස් කතාවේ ඇත්ත නැත්ත

පසුගිය දිනක අනුර දිසානායක සහෝදරයා, “ඕස්ට්‍රේලියාවේ ‍රෝගීයෙක් රැගෙන යන්න ඇම්බියුලන්ස් 2 ක් එනවා” යැයි පැවසූ කතාව සමාජ මාධ්‍ය තුල කාගේත් කතා බහට ලක්වී ඇත. ඉතිං මේ එම ප්‍රකාශයට පදනම් වූ ඕස්ට්‍රේලියාවේ ගිලන් රථ සේවාව ගැන කෙටි සොයා බැලීමකි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම සංවිධිත ගිලන්රථ සේවාව 1866 දී සිඩ්නි නුවරදී ආරම්භ කරන ලදී. 1970 සහ 1980 ගණන් වලදී, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් ගිලන්රථ සේවා සඳහා වගකීම භාර ගත් අතර, ප්‍රාන්ත පාදක ගිලන්රථ අධිකාරීන් පිහිටුවන ලදී. අද, සෑම ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයකටම තමන්ගේම ගිලන්රථ සේවාවක් ඇත. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ පමනක් ගිලන් රථ සේවා සපයන ශාඛා 260 කට වැඩි ප්‍රමානයක් ව්‍යාප්තව පවතින අතර එහි සේවකයින් 4000 කට අධික ප්‍රමානයක් සේවා සපයනු ලබයි.

සේවා සැපයීම

අවශ්‍යතා සහිත පුද්ගලයින්ට වඩා කඩිනම් සහ සඵලදායී සේවාවක් සැපයීම සඳහා ප්‍රමුඛතා මට්ටම් හරහා ප්‍රතිචාර දැක්වීම සිදු කරනු ලබයි. ඒ අනුව ජිවිතයට තර්ජනයක් විය හැකි හදිසි අවස්ථාවක් අත් විඳින පුද්ගලයන්ට ඉතා කඩිනම් සේවාවක් සපයනු ලබන අතර ගිලන් රථ එකකට වැඩි ප්‍රමානයක් ඒ වෙනුවෙන් යොමු කරනු ලැබේ.
අනෙකුත් රෝගීන් සදහාද මිනිත්තු 15 ක් ඇතුලත සේවා සැපයීම තහවුරු කිරීම ගිලන් රථ සේවයේ අරමුණයි.

මෙහි කාර්යක්ශමතාවය “Ambulance Victoria” facebook පිටුවට ලැබී ඇති මහජන ප්‍රතිචාර මගින් ඔබට දල අවබෝධයක් ලබා ගත හැක.
https://www.facebook.com/AmbulanceVictoria

නමුත් පසුගිය covid කාලයේදී ( 2020 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා ) ඉල්ලුම ඉහල යාමෙන් ගිලන් රථ ප්‍රමාද වීම නිසා සිදු වූ ජිවිත හානි 33 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත.

පිරිවැය

ඕස්ට්‍රේලියානු ගිලන් රථ සේවය ප්‍රාන්ත රජයන් මගින් ක්‍රියාත්මක වන නිසා මෙම සේවාවේ පිරිවැය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා ප්‍රාන්ත වල මෙම සේවාව නොමිලේ (යම් සීමාවක් දක්වා) ලබා දෙන අතර අනෙකුත් ප්‍රාන්ත වල මෙහි පිරිවැය එම සේවාව භාවිත කරන පුද්ගලයා විසින් දැරිය යුතුය. වික්ටෝරියා ප්‍රාන්තයේ එම අගය සාමාන්‍යයෙන් $1200 ක් පමන වේ. නමුත් $49 ක් ( පුද්ගයෙකුගේ අවම පැයක වැටුප මෙන් දෙගුනයකට ආසන්න අගයක් ) වැයකොට රක්ෂණාවරණයක් ලබා ගැනීම මගින් මෙම සේවාව වසරක් පුරා නොමිලේ ලබා ගත හැක (රක්ෂණයෙන් ආවරණය වේ).

අනුරගේ කතාව

අනුර සහෝදරයාගේ ප්‍රකාශයේ සත්‍යතාවයක් තිබෙන නමුත් ඔහුට “හදිසි අනතුරකදී” යන්න ප්‍රකාශ කිරීමට අතපසු වී ඇති බව පෙනේ.
මෙම ප්‍රකාශයේ කුඩා අතපසුවීම් පිළිබදව සිතනවාට වඩා එහි හරය පිළිබදව අවධානය යොමු කොට පුරවැසියන්ගේ ජීවීතවල වටිනාකම අගයන, ජනතාවාදී පාලන ක්‍රමයක් ලංකාව තුල ස්ථාපිත කරගැනීමට වෙහෙසෙන්නේනම් අනාගතයේදී බාල ඖෂධ ගෙන්වා රෝගීන් පීඩාවට පත් කරන සෞබ්‍යය ක්‍රමයක් වෙනුවට වඩා යහපත්, රෝගීන් ගැන සිතන සෞබ්‍යය ක්‍රමයක්, අධ්‍යාපන ක්‍රමයක් සහ ආර්ථිකයක් අපේ මවුබිම තුල ගොඩනගා ගැනීමට හැකි වනු ඇත.

ජාතික ජන බලවේගය ලෙස අපි ඕස්ට්‍රේලියාවේ සෞබ්‍යය සේවය හෝ ගිලන් රථ සේවය පරමාදර්ශී සේවයක් ලෙස නොසලකන මුත් එහි ඇති වටිනාකම් හා අඩුපාඩු නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදය අනාගත සෞබ්‍යය ක්‍රමයක් ගොඩනැගීමේදී දායක කර ගැනීමටත් එමගින් ජනතාවාදී පාලනයක් ගොඩනැගීමටත් නිබඳ වෙහෙසෙන්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More