දේශීය පුවත්

දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එබැවින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.

ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.

ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ.

එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.

සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත්, දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.

ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.

කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.

අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.

– ලංකාදීප –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More