දේශීය පුවත්

රටේ බහුතරයක් දුප්පතුන් වී සිටියදී එය නොසලකාහැර රටේ ආර්ථික ඉලක්ක ජයගත නොහැති බවත්, රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් බහුතරයක් ජනතාවට ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

භෞතික වශයෙන් ගොඩනැගිලි, ගුවන්තොටුපොළ ආදිය ඉදිකිරීමෙන් ආර්ථික වර්ධන වේගය ඉහළ යන බව පෙන්නුම් කළද, සැබෑ ලෙසම ආර්ථික වර්ධනය ඉහළ යාම සිදුවන්නේ මහජනයා නියෝජනය කරන ආර්ථික ක්‍රියාකාරකම් මගින් පමණක් බවයි වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම කරුණු සඳහන් කළ අතර, එහිදී ඒ මහතා පැවසුවේ ආර්ථික උද්දීපනය මගින් මෙන්ම ජනතාව දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම යන කරුණු මගින් රට සංවර්ධනය කළ හැකි බවය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න… 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More