පුරවැසි කොලම

පසුගිය දින විශ්‍රාමික රියර් අද්මිරාල්, පාර්ලිමේන්තු මංත්‍රී, ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා නීතිඥවරුන්ගේ සංගමයට යවා තිබූ ලිපියෙහි සඳහන්ව තිබුන අධිකරණයේ ගෞරවය වෙනුවෙන් ඔහු ජිනීවා යෑම පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී.

එතුමා අසා සිටියේ පද්ධති අපරාධ මැඬලීමට අපොහොසත් වීම වැනි භාරදූර ක්‍රියාවන් වල යෙදීමට අසමත්වීම වැනි බරපතළ කටයුතු වල යෙදීමට අසමත්වීම පිළිබඳව කරපු චෝදනාවක් නොසළකා හැරීමේ සිට ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන හඳුනා ගැනීම වැනි ඉතා පහසුවෙන් කළහැකි කටයුතු කිරීමේ හැකියාව ගිලිහී යෑම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ කතා කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකීම වැනි තත්ත්වයකට නීතිඥවරුන් පත්ව ඇතිද යන්නයි.

එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

“එවකට හිටපු මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෛද් අල් රහල් අල් හුසේන් මැතිතුමා 2015, 2016 හා 2017 වසර වලදී තෙවතාවක් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියේ අසමත්කම පිළිබඳව ප්‍රසිද්ධියේ තම අප්‍රසාදය ප්‍රකාශ කළා. තෙවන අවස්ථාවේදී හෙවත් 2017 වසරේ මාර්තු මාසයේදී එතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවේ අධිකරණය “පද්ධති අපරාධ” හෙවත් “system crimes” පිළිබඳව කටයුතු කිරීමට අසමත් බව. ඒ අවස්ථාවේදී අධිකරණයට අපහාසයක් කරයි කියන්න තියා ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කරන්නවත් ඔය කියන නීතිඥවරුන්ගේ වෘතීය සමිතියට හැකියාවක් තිබුනේ නෑ. එහිදී ඊට විරුද්ධව ජිනීවාහී මානව හිමිකම් කොමිසමේ සභාපතිට 2017 ජූනි මාසයේදී පැම්ණිල්ලක් ඉදිරිපත්කරේ සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයි. එම පැමිණිල්ල ගොනු කිරීම සහ සැකසීම කරන ලද්දේ “විරුවන්ගේ විත්තිවාචකය” සැකසූ කෘතහස්ථ නීතිවේදී දර්ශන් වීරසේකර ප්‍රමුඛ වෘතික කමිටුවයි.

එම පැමිණිල්ලෙන් මහ කොමසාරිස්ට අභියෝග කළා හැකිනම් එවන් “පද්ධති අපරාධ” වසං කිරීමක් අධිකරණය මගින් සිදුකර ඇතිනම් පෙන්වාදෙන ලෙස. ඔවුන්ගේ තර්කය වී තිබුනෙ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී තිබුන බවත්, ඒ අපරාධ විමර්ශණය සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය අසමත් බවත්. ඊට නිදසුන් ලෙස ඔවුන් පවසා තිබුනේ විනිසුරුවරුන් විශ්‍රාම යෑමෙන් පසු රජයේ විවිධ ආයතන සහ කොමිශන් වල ප්‍රධානීන් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුව සිටින බැවින් ශ්‍රී ලංකාවේ විනිසුරන් “පද්ධතියට” විරුද්ධව නොයන බවයි.

සරත් වීරසේකර මහතා සමග මෙහිදී අපට සම්පූර්ණයෙන් එකඟවිය හැකියි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට ජාත්‍යන්තරව අපහාසාත්මක ප්‍රහාරයක් එල්ලවී තිබූ අවස්ථාවේ එතුමා ඊට එරෙහිව නැගී සිටීම පිළිබඳව කර තිබූ ප්‍රකාශය අප සියයට සියයක් අනුමත කරනව. එහිදී අප පෙන්වා දුන්න “පද්ධති අපරාධ” ලෙස හඳුන්වා ඇති “යුද අපරාධ” කිසිවක් සිදුවී නොමැති බවත් ජාත්‍යන්තර අධිකරණවල පවා කෘතහස්ත ශ්‍රී ලාංකික නීතිඥවරුන් කටයුතු කරන බවත්.

නීතිඥ වරුන්ගේ වෘතීය සමිතිය එදා ඇඹිටිල්ලන් මීයන් සේ ඇස් කන් පියාගෙන හිටියා. අද ඔවුන් සිංහ වෙස් ගන්න එන්නෙ කුමණ කාරණයක් නිසාදැයි සැකයක් මතුවෙනව. අද දක්වා පවතින යුද අපරාධ කරාය යන අභූත චෝදනාවට එරෙහිව නීතිඥවරුන්ගේ වෘතීය සමිතිය කිසිවක් කර නැහැ. මෙම චෝදනා පැවතීම නිසා තමයි ජාත්‍යන්තරයට හැකියාව ලැබී තිබෙන්නෙ අපේ අධිකරණයට එසේ අපහාස කිරීමට. අපහාසය කෙතෙක්ද යත් මානව හිමිකම් කොමිසමේදී යහපාලන රජය එකඟවුනා “දෙමුහුන් අධිකරණයක්” පිහිටුවීමට. ඒ සඳහාත් විරෝධය පෑවෙ අප තමයි. ඔය කියන නීතිඥයින්ගෙ වෘතීය සමිතිය ඒ ගැන වචනයක්වත් ප්‍රකාශ කළේ නෑ. ඒ වෙනුවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව එතුමාගේ උපදේශක නීතිඥයො නොමග යවල තිබුන මානව හිමිකම් සමුළුව විසින් යහපාලන රජයේ සම අනුග්‍රහය ඇතිව සම්මත කරන ලද 30/1 පනතෙ යුද අපරාධ චෝදනා නෑ කියලා. ඒ උපදේශක නීතිඥවරු සියළු වෘතීය ආචාරධර්ම කෙලෙසල තිබුනා. අප තමයි සිරිසේන මැතිතුමාට 30/1 පනතෙ ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව පෙන්වා දුන්නේ.

එදා අධිකරණය අසමත්වුනේ “පද්ධති අපරාධ” පිළිබඳව නීතිය ක්‍රියා කරවීමටයි කියායි මහ කොමසාරිස්තුමා ප්‍රසිද්ධ ප්‍රකාශය කරේ. නමුත් අද වෙනවිට, සරත් වීරසේකර මහතා නීතිවේදීන්ගේ වෘතීය සමිතියට කළ ප්‍රකාෂය අනුව පෙනීයන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සළසා ඇති ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුව තුළ පෙන්වාදීමත් සමහර නීතිඥවරුන් විසින් අධිකරණයට කරණලද අභියෝහයක් ලෙස සළකන බවයි.

නීතිවේදීන්ගේ වෘතීය සමිතියද හැසිරෙන්නේ මහ කොමසාරිස්වරයා විසින් අයථා බලපෑම් ලෙසට වර්ගකර තිබුනු “පද්ධතියට විරුධව කටයුතු නොකරන්නේ” විශ්‍රාම ගිය පසුව රජයේ තනතුරු ලැබීමට බලාපොරොත්තුවෙන් යන චෝදනාවට සමානව “රාජ්‍ය නොවන සංවිධානවල තනතුරු ලැබීමේ අපේක්ෂාවෙන්ද” යන සැකයට භාජනය වන ආකාරයටයි. නීතිඥ සංගමය විවිධ ආයතන වල අතකොළුවක්ව ඇති බව ව්විධ ජනමාධ්‍යවල නිරන්තරයෙන් ප්‍රකාෂවීම මේ තත්ත්වය තහවුරු කිරීමට මග පාදනව. වැටයි නියරයි දෙකම ගොයම් කනව වගේ වෙනුවට රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව, හා ව්‍යවස්ථාවේ ප්‍රථිපාදන රැකීමට කටයුතු කරනලෙස නීතිවේදී සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More