තුර්කිය කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක වූ “ෆෙටෝ” ත්‍රස්ත සංවිධානය තුර්කි – ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් මුලිනුපුටා දැමූ බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ශෙකර්ජිඕලූ මහත්මිය පවසයි.
කොළඹ තුර්කි තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ “ෆෙටෝ” ත්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් ඉදිරියටත් දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට කටයුතු කරන බවය.
2016 ජුලි 15 වනදා තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳහෙළීමට ප්‍රයත්න දැරූ “ෆෙටෝ” ත්‍රස්ත සංවිධානයේ කැරැල්ල මැඩපැවැත්වීමට තුර්කි ජනපති රෙසෙප් තායිප් එර්දෝවාන්ගේ රජය සමත් වුණි.
කෙසේවෙතත් ඇතිවු ප්‍රචණ්ඩකාරි වාතාවරණය හමුවේ පුද්ගලයින් 251 දෙනෙකුට ජීවිත අහිමිවූ අතර තවත් දහස් ගණනක් තුවාල ලැබීය.
ජුලි 15 වනදා එම කැරැල්ල මර්දනය කළ තුර්කිය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික එකමුතුභාවයේ දිනය ලෙස සමරන අතර ඒ වෙනුවෙන් උත්සවයක් මෙරට තුර්කි තානාපති කාර්යාලයේදී ද පැවැත්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...