ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලියකියවිල්ලක අඩංගු වූ කරුණු අනුව ජනපති ගෝඨාභයට ලණු දුන් ආර්ථික ඝාතකයා කවුරුන්දැයි පැහැදිලි වූ බව ලංකා ලීඩ් පාඨකයන් රාශියක් අදහස් දක්වා ඇත.
ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ සහ හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අදාළ චෝදනාවෙන් නිදහස් වනවාද යන්න පාඨකයෝ ප්‍රශ්න කරති.
ඊට අදාළ පොදු පිළිතුරක් ලබාදෙමින් ලංකා ලීඩ් සඳහන් කළ යුත්තේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මගින් ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවය.
නමුත් හොරාගේ අම්මාගෙන් පේන අහන සාගර කාරියවසම් කමිටුව මගින් එම අවශ්‍යතාව ඉටුකර ගත නොහැකි බව ඉතා පැහැදිලි බවද සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ පාපෝච්චාරණය අනුව හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වඩා බලයක් ඔහුට තිබූ බව පැහැදිලි වේ. කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව නව අධිපති පැමිණෙන තෙක් නිලධාරීන් කැඳවා මහ බැංකුව පවත්වාගෙන ගියේ තමා බවද ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...