දේශීය පුවත්

සෞඛ්‍ය පද්ධතියට ඖෂධ මිලදී ගැනීමේ දී දීර්ඝ කාලීනව දක්නට ලැබෙන දූෂණ, වංචා සහ අකාර්යක්ෂමතාවයන් අද වන විට වර්ධනය වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීමේ දී මතුවන ගැටලු මුල්කර ගෙන මේ දිනවල විවිධ වෘත්තීය සමිති නායකයන් විසින් සමස්ත සෞඛ්‍ය පද්ධතියට සහ සෞඛ්‍ය සේවකයන්ට පහරදීමේ හොඳ නරක පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

“අපේ රටේ පවතින නිදහස් සෞඛ්‍ය සේවයට අදාළ පද්ධතිය ලෝකයේ තිබෙන සෞඛ්‍ය පද්ධති සමග සැසඳීමේ දී සියළු දුර්වලතා එසේම තිබියදී ඉතා විශිෂ්ට මට්ටමක පවතිනවා. එසේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය යටතේ අතීතයේ සිටි විශිෂ්ටයන් විසින් ඉතා දුක් මහන්සියෙන් ගොඩ නැගුවේ, අද සිටින කලමණාකරුවන් එම පද්ධතිය කලමණාකරණය කිරීමේ දුප්පත්කම නිසා සහ සමස්ත සමාජයේ පිරිහීම සෞඛ්‍ය සේවකයාට ද බලපාන බැවින් ගැටලු රැසක් පැනනැගී තියෙනවා. එහෙත් නිශ්චිත හේතුවක් දන්වන්නේ නැතුව සමස්ත පද්ධතියට පහරදීම දුෂ්ඨකමක්. සියළු නරක තත්ත්වයන් යටතේ පවා අප රටේ වෛද්‍යවරුන් ඇතුළු අති බහුතරයක් සෞඛ්‍ය සේවකයන් රෝගීන් කෙරෙහි අනුකම්පාවකින් කටයුතු කරනවා. එය අපේ ඓතිහාසික සභ්‍යත්වයෙන් ලැබුණු ගුණයක්.

ඖෂධ මිලදී ගැනීමට අදාළව දූෂණ, වංචා සහ දුර්වලතා රාශියක් පවතිනවා.  පළමුව ඖෂධ නියාමන අධිකාරි පනතේ දුර්වලතා නැති කිරීම සඳහා පනත සංශෝධනය කළ යුතුයි. දැනටමත් සකස්කර අවසන් කෙටුම්පත සම්මත කරන්න බාධාවක් නැහැ. ඊට අමතරව සේනක බිබිලේ ආදර්ශය අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද ආයතනවලින් පමණක් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම මගින් සෘජුව ඖෂධ ආනයනය කළ යුතුයි.

අවම වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ අඩංගු 380ක් පමණ වන ඖෂධ එසේ සෘජුව ආනයනය කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නැවතත් හදිසි අවශ්‍යතාවය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත හැකියි. එය කරන්නේ නැත්තේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිලාට ආනයනකරුවන් විසින් අමතර වැටුප් ගෙවන නිසා බව ඉතා පැහැදිලියි. හේතුව වැඩබැරිකම කියල දුන්නහම කරන්න පුලුවන් වෙන්න ඕනේ.

දෙවන කරුණ ඖෂධ නිසා හෝ වෙනත් කරුණු මත මහජනයා අසතුටට පත්වන ගැටලුවන් ඇතිවූ විට ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීමේ ස්ථිර යාන්ත්‍රණයක් පිහිටුවීමයි. ඊට අමතරව ජනමාධ්‍යවලට රෝගීන් සහ මරණ පිළිබඳව පමණක් නොව අපරාධ පිළිබඳව වාර්තා කිරීමේ දී ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුයි. අද ජනමාධ්‍ය, සමාජ මාධ්‍යවලට වඩා ඉතා දුප්පත් තත්ත්වයක තියෙන්නේ. බොහෝ රටවල මහජන පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ නීතියක් යටතේ යාන්ත්‍රණ පිහිටුවා තිබෙනවා. එහෙම නීතියක් නැති අමෙරිකාවේ නීතිවේදීන් ව්‍යාපාරයක් ලෙස දොස්තරලාට විරුද්ධව නඩු දමනවා. ඒ නිසා අනවශ්‍ය පරීක්ෂණ කරනවා. සෞඛ්‍ය පිරිවැය සියදහස් ගුණයකින් වැඩි වෙනවා.

ඒ නිසා වෘත්තීය සමිති නායකයින් දුෂ්ඨ ආකාරයට සමස්ථ සෞඛ්‍ය පද්ධතියට පහරදීම බලවත් වරදක්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More