ඡායාරූප පුවත්

අවි ආයුධ…

July 23, 2018 12:21 am | Lanka Lead News

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳ තුළ තිබි ඊයේ (20) එල්. ටී. ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ බෝම්බ රැසක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පොලීසිය පැවසූවේ 18 වැනිදා සිට අදාළ ළිඳ තුළ පරීක්ෂා කිරීම් සිදුකළ කළ අතර ළිඳ තුළ තිබි ඉතා විශාල ප්‍රමාණයේ එල්. ටී. ටී.ඊ සංවිධානය කාලතුවක්කු වෙනුවෙන් භාවිතා කළ උණ්ඩ කිහිපයක්ද සොයාගත් බවයි.

පොලිසිය පැවසූවේ නාවික හමුදාවට ලද තොරතුරක් මත අදාළ ළිඳ පරීක්ෂා කිරීම සිදුකොට ඇති බවයි.

පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව නාවික හමුදා නිළධාරීන් හා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිදෙන් ගොඩගත් බවද පොලිසිය සදහන් කළේය.

පොලිසිය පැවසූවේ මුලතිව් ‍මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ළිඳ පරීක්ෂා කිරීම සිදුකළ බවයි.

ළිඳ තුළ තිබී එල්. ටී. ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ පීඩන බෝම්බ,අත්බෝම්බ තොගයක් සොයාගත් අතර, අදාළ ස්ථානය තුළ එල්. ටී. ටී.ඊ සංවිධානයේ පුහුණු කදවුරක් පැවති බවට ආරක්ෂක අංශ සැක පළ කරති.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More