ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර ඇති බව වාර්තා වේ.
රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද මෙහිදි තීන්දු වී තිබේ. එසේම මේ වන විට භාණ්ඩ 286 ක ආනයන තහංචි ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහංචි පෙර පරිදිම ක්‍රියාත්මක වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව මේ වන විටත් ආනයන තහංචි පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...