දේශීය පුවත්

බුදු දහමට අපහාස කිරීම සහ ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළ ජෙරම් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සමීපතමයින් විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් පහක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරික්ෂණ දොපර්තමේන්ත-ුව බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබූ වාර්තාවේ සදහන් වන අන්දමට, ජෙරම් ප්‍රනාන්දු යන අය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇති වාහන 14ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර, ඒවා මිලදී ගැනීම සදහා ජෙරම් ප්‍රනාන්දු යන අය මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අධිකරණයට දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More