දේශීය පුවත්

මුලතිව් කුරුන්දි විහාරට උතුරේ දේශපාලකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින් දිගින් දිගටම බලපෑම්කරමින් ඇති පසුබිමක ඊයේ (14) දිනයේ දී එම පිරිස් විසින් කුරුන්දි විහාරය අසල නොසන්සුන්තාවක් ඇතිකර තිබේ.

එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට මෙම පිරිස උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත.

කුරුන්දි විහාර පුදබිමේ ඊයේ දින පොංගල් පූජාවක් පැවැත්වීමට පිරිසක් සූදානම් වන බවට කුරුන්දි විහරාධිපති හිමියන් මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් කර තිබුණි.

පොලීසිය මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමිනි.

නමුත් අධිකරණය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව ඊයේ උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පැමිණ ඇත්තේ පොංගල් උත්සවය සඳහාය.

එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනාවක නිරතවෙමින් සිට තිබේ.

පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද එම අවස්ථාවේදී පුදබිමෙහි රැඳී සිට ඇති බව වාර්තාවිය. එහිදී මෙම පිරිස පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් සමග උණුසුම් සංවාදයක් ඇති වී තිබේ.

කෙසේ වෙතත් පැමිණි පිරිස් බලහත්කාරයෙන් එම ස්ථානයේ පොංගල් පූජාව පැවැත්වීමට සූදානම් වෙද්දී පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් ඊට විරෝධය පළකර ඇති අතර, පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගොස් ඇති බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More