දේශීය පුවත්

CIDයට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අද (14) තීන්දුව ලබාදී තිබේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේ, රුපියල් 5,000සක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට නියෝග කරන බවය.

එමෙන්ම රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමට ද ඇයට නියෝග කළ විනිසුරුවරයා, එකී වන්දි හා දඩ ගෙවීමෙන් අනතුරුව සිය අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසද දැනුම් දුනි.

ඒ අනුව අධිකරණය භාරයේ තිබෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාරදෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2020 වසරේදී නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව පවරා තිබූ නඩුව පූර්ව නඩු විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ එක් මූලික විරෝධතාවයක් පිළිගත් විනිසුරුවරයා අධිචෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙසට ද දැනුම්දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More