දේශීය පුවත්

ශ්‍රී ලංකාවට නිවැරදිවීම සඳහා ලැබී ඇත්තේ අවසන් අවස්ථාව බවත් නිවැරදි නොවුවහොත් ලෝක සිතියමේ රටක් ලෙස පැවැත්ම අවසන් වන බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් අප ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ එහි මාධ්‍ය ප්‍රකාශක වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්….

“අද පවතින අර්බුදයට ප්‍රධාන මූල හේතුවක් වන පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉතා අධික පොලියට අන්තර්ජාතික ස්වෛරි බැදුම්කර ඇමෙරිකන් ඩොලර් මිලියන 12500ක් නිකුත්කරන විට වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා. එතුමා කැල්කියුලේටරෙන් ගහලා බැලුවත් දන්නවා රටේ පවතින වෙළඳ හිගය සහ ගෙවුම්ශේෂ හිඟය අනුව එම ණය ගෙවාගන්න බැරිව මූල්‍ය අර්බුදයක් ඇතිවන බව. නමුත් ඒම වරද නොකරන ලෙසට ඔහු උපදෙස් ලබාදී නැහැ. එම මුදල් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට වැයකර නැහැ. අදත් එදා 2017 දී සම්මත කළ විේශ විනිමය පනත් වෙනස් කරන්නේ නැතිව විදේශ විනිමය අර්බුදය විසදන්න බැරිබව ඔහු කියන්නේ නැහැ. අර්බුදය නිර්මාණය කළ වෙදා ලෙඩා බාරගෙන දැන් කියනවා ආශ්චර්යක් වුණේ නැතිනම් ලෙඩා මැරෙන බව.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More