දේශීය පුවත්

ලංකා ලීඩ් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අංක SC/FR/195/2022 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ ලේඛණ පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එහි වගඋත්තරකරුවකු වන මූල්‍ය මණ්ඩල සාමාජිකයකු වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා ඉටු කළ බලවත් භූමිකාව හෙළිදරව්කර ඇති බවය.

ඊට අනුව රටේ මූල්‍ය අර්බුදය උත්සන්න වෙමින් පැවැති සමයේ දී ජනාධිපතිවරයාට ‘වට්ස් ඇප්‘ පණිවුඩ යවමින් වහාම IMF එකට යායුතු බව හා රුපියල අවප්‍රමාණය කළ යුතු බවට ඔහු විසින් උපදෙස් ලබා දී ඇත.

ඊට අමතරව ජනාධිපතිවරයා විසින් IMF ප්‍රධානීන්ට යැවිය යුතු ලිපිය ද තමා විසින් ලියාදුන් බව ජනාධිපති නීතිඥවරයා විසින් පිළිගෙන ඇත.

එම නඩුවේ 32B  වගඋත්තරකරුවා වන සංජීව ජයවර්ධන මහතා මූල්‍ය මණ්ඩලය තුළ සහ මහ බැංකුවේ නිලධාරින් සහිත කමිටුවල සභාපතිවරයා ලෙස ප්‍රබල භූමිකාවක් ඉටුකළ බව පිළිගෙන ඇත. එහෙත් අර්බුදය වළක්වා ගැනීමට නොහැකි වූයේ කුමක් නිසාද යන්න ඔහු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය මගින් පැහැදිලි කර දී නැත.

එසේම 3/3/2022 දින මූල්‍ය මණ්ඩල රැස්වීමේ දී රුපියල පා කිරීම නොකළ යුතු බවට සහ රු.10 කින් පමණක් අවප්‍රමාණය කළ යුතු බවට ගනුලැබූ තීන්දුව 7/3/2022 දින හදිසි රැස්වීමක් කැඳවා සම්පූර්ණයෙන්ම වෙනස් කර රුපියල නිදහසේ පා කිරීමට ගනු ලැබූ තීන්දුව පිළිබඳව ඔහු විසින් කරුණු දක්වා නැත. නමුත් එම තීන්දුව මගින් රටේ ආර්ථික අර්බුදය වර්ධනය වූ බවට මූල්‍ය මණ්ඩලයට බරපතළ චෝදනාවක් එල්ල වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More