දේශීය පුවත්

කැනඩා රජය සමග එක්වී ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කැනඩාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට ශ්‍රී ලංකා රජය වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති පුවතක් වාර්තා වේ.

ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරයා ට්ව්ටර් පනිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ එය “මේ අප කරන කටයුතු වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමකි,” යනුවෙනි.

2015 සිට කැනඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන නීතිඥ ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයාගේ සහ නීතිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් වරයායි.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරු දෙදෙනාට 2023 වසරේ ජනවාරියේ සිට කැනඩාවට ඇතුල් වීම තහනම් වන අතර, උතුරේ යුද්ධයේ දී දෙමළ වර්ග සංහාරයක් සිදුවූ බව කැනඩාව නිල වශයෙන් පිළිගැනීමක් සිදුකර ඇති පසුබිමක ගැරී ආනන්ද සංගරි කැනඩාවේ මෙම ක්‍රියාමාර්ග සඳහා සෘජුව මැදිහත් වූ බවද වාර්තා විය.

කැනඩා පාර්ලිමේන්තුවට ආනන්දසංගරී මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලදුව 2022 මැයි මාසයේ සම්මත කෙරුණු දෙමළ ජනසංහාර යෝජනාවෙන් දෙමළ ජනතාව මුල්ලිවයික්කාල් අනුස්මරණය පවත්වන මැයි 18 දා දෙමළ වර්ග සංහාර දිනය ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකාවේ රජය ඊට දැඩි විරෝධය පළකර තිබුණි.

ඇතැම් සිංහල කණ්ඩායම් ඊට ප්‍රතිචාර දැක්වුයේ මන්ත්‍රීවරයාගේ පඹයකු පුලුස්සමිනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට එරෙහිව කැනඩා රජය විසින් මේ වසර මුල දී සම්බාධක පනවා තිබුනේ එරට විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග රෙගුලාසි පවා සංශෝධනය කරමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More