දේශීය පුවත්

රජයේ ආදායම් උත්පාදන කටයුතුවලදී ඩිජිටල්කරණය ඉතා වැදගත් වන බවත් යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඩිජිටල්කරණයට කාලසීමාවක් ලබා දෙමින් ඒ අනුව, ක්‍රියාත්මක වීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා එහි අඩුපාඩු සිදුවුවහොත් ඊට අදාළ පියවර ගැනීමට සිදුවන බව අවධාරණය කරයි.

රජය එක්සත් රාජධානියෙන් ලබා ගත් මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය බොහෝදුරට දියුණු කර තිබෙන බව ද හෙතෙම සඳහන් කරයි.

මෙම අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් ලබා ගැනීමට ලංකාවට පැමිණෙන ලෙසට එංගලන්තයේ කැමරන් අග්‍රාමාත්‍යවරයා යටතේ මෙම විෂය සම්බන්ධව කටයුතු කළ අමාත්‍යවරයා වූ ෆ්‍රැන්සිස් මෝඩ් වෙත ආරාධනා කර තිබෙන බව ද ජනාධිපතිවරයා පවසයි.

රජයේ නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී පසුගිය දා (ජූලි 12) භාර දුන් අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More