ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (ජූලි 14) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, අද පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත ය.
මේ අතර, පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 වන දා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.
එම කාලය තුළදී රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත ය.
එමෙන් ම, දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.
ඊට අමතරව මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇති අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ද එළඹෙන පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙන බව ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...