ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන හෝ අපනයන පරතරය 2018 ජනවාරි – මැයි දක්වා ඩොලර් මිලියන 4914.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සමීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 2018 ජනවාරි මැයි දක්වා සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4707.5ක් බවද එම කාල සීමාවේ සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 9621.6ක් බවද එම වාර්තාවේ දක්වා තිබේ. 2018 ජනවාරි -මැයි දක්වා කාලය තුළ කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 1052.9ක් බවද එය 2017ජනවාරි – මැයි කාලය තුළ ආදායමට වඩා ඩොලර් මිලියන 21.5ක අඩු වීමක් බවද එම වාර්තාවේ පෙන්වා දී ඇත. මුහුදු මාළු අපනයනයෙන් 2018 ජනවාරි-මැයි දක්වා උපයාගෙන ඇති මුදල ඩොලර් මිලියන 114.5කි. එය 2017 ජනවාරි -මැයි අතර කාලයේ මුහුදු මාළු අපනයනයෙන් උපයාගෙන තිබූ ආදායමට වඩා 12.3ක ඉහළ අගයක් ගෙන ඇත.

කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන අපනයනයෙන් 2018 ජනවාරි – මැයි කාලය තුළ උපයාගෙන ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3632.9කි. එය 2017 ජනවාරි – මැයි කාලයේ ආදායමට සාපේක්ෂව 9.6ක වැඩිවීමක් බවද මහ බැංකුව පෙන්වා දී ඇත. ඛනිජ හා අනෙකුත් අපනයනයන්ගෙන් 2018 ජනවාරි-මැයි අතර කාලයේ උපයාගෙන ඇති මුළු මුදල ඩොලර් මිලියන 21.6කි. එයද 2017 ජනවාරි මැයි කාලයේ ආදායමට සාපේක්ෂව 8.6ක වැඩිවීමකි.

මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාව අනුව 2018 ජනවාරි -මැයි දක්වා පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම සඳහා වැයකර ඇති මුදල ඩොලර් මිලියන 2194.8ක් වූ අතර එය 2017 ජනවාරි -මැයි කාලය සමග සසදන විට 15.6ක ඉහළ යෑමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More