මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස මුලතිව් අධිකරණයෙන් පෙරේදා (ජූලි 12) නියෝගයක් ලැබී ඇති බව වාර්තා වේ.
එවැනි නියෝගයක් නිකුත් කොට ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නියමයන්ට අනුකූලව කැණීම් ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නා තුරු ය.
මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු නිසි ප්‍රමිතියට හා ජාත්‍යන්තර නියමයන්ට අනුකූල නොවන බවට ඇතැම් පාර්ශව චෝදනා කර තිබූ අතර, එම සමූහ මිනී වළ ආසන්නයේ උද්ඝෝෂණයක් ද පසුගිය දා සංවිධානය කොට තිබිණි.
කෙසේ වෙතත්, දින තුනක කාලයක් මෙම ස්ථානයේ සිදු කළ කැණීම්වලදී කොටි සාමාජිකාවන්ගේ බවට සැක කරන මිනිස් අස්ථි කොටස් 16ක්, කොටි නිල ඇඳුම් කිහිපයක්, අවි ආයුධ, බෝම්බ හා තවත් යුද්ධ උපකරණ කිහිපයක් ද සොයා ගැනීමට හැකි වී ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...