දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂනායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකර තිබුණි.

මේ අතර, උදරාබාධයක් හේතුවෙන් පේරාදේණිය රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබේ.

උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ එම තරුණියට එන්නත් දෙකක් ලබාදී ඇති අතර ඉන්පසු ඇතිවු සංකූලතා හේතුවෙන් ඇය මියගිය බවට පවුලේ ඥාතීන් චෝදනා කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදය රලපනාව මහතා ප්‍රකාශ කළේ එන්නත් ලබාදීමත් සමග ඇතිවූ යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් හටගත් කම්පනයක් මත තරුණිය මියගිය බවට නිරීක්ෂණය වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More