කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට නියෝග කර ඇත.
අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේවන විට අත්හිටුවා ඇති බව විමර්ශන නිලධාරීන් පවසන අතර, ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ONMAX DT පුද්ගලික සමාගම පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
ONMAX DT පුද්ගලික සමාගම පැහැදිලිවම පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවට තහවුරු වී ඇති බව මහබැංකු නිලධාරීන් පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණි.
ඒ අනුව, සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා දින (12) කරුණු වාර්තා කළේය.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවය.
ඒ අනුව අදාළ රුපියල් කෝටි 79ක ඇතුළත් බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය.
මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...