දේශීය පුවත්

2001 වසරේ සිට 2004 දක්වා පැවැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙල හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ රටට හානිකර සියලු දේ වර්තමානයේ දී ජනාධිපතිවරයා විසින් සිදුකරමින් සිටින බවත්, එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ලහිලහියේම අනපණත් ගෙනෙමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීමද එම වැඩපිළිවෙලේ එක් අංගයක් බවයි.

2001 වසරේදී ගෙනෙන ලද ‘නොනිදන නගර‘ සංකල්පය ද එදා ගෙන ආවේ මෙම දුරාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා බවද, එමගින් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීමට එදා උත්සාහ කළ බවත්, අද ආයුර්වේදය ඉදිරියට දමමින් දුරාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා චෝදනා නැගීය.

රට නවීකරණය කිරීමට යැයි පවසමින් බටහිර යුරෝපයේ මාර්ගෝපදේශ අනුව මෙම කටයුතු සිදුවන බව පෙන්වා දෙන තිරාණගම මහතා, මෙතෙක් කරගැනීමට නොහැකි වූ කංසා නීතිගත කිරීම වැනි කටයුතු ආයුර්වේද වෛද්‍ය වෘත්තිය ඉදිරියට දමා සිදුකිරීමට ආණ්ඩුව සැරසෙන බවත් පෙන්වා දෙයි.

මෙම පාපය ගෙවීමට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නොවන බවත්, ඔහුගෙන් පසුව එන ආණ්ඩුවලට හා රටේ ජනතාවට බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More