දේශීය පුවත්

විශාල ජාතික කාර්යයක් ඉටුකර ගැනීමේ උතුම් අරමුණෙන් ගෙනෙන ලද 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව නව පනතක් ඉදිරිපත්කර ඇති බවත්, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකර දෙන මුවාවෙන් ගෙනෙන එම පනතේ අරමුණ දුරාචාරය ප්‍රවර්ධනය කිරීම බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද(13) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම පනත මගින් දුරාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩයනා ගමගේ ඇමැතිවරියගේ හා ජනාධිපතිවරයාගේ උත්සාහයත් ඔවුන්ගේ යටි අරමුණුත් හඳුනාගත හැකි බවද, මෙම පනතේ එබඳු දුරාචාරය ප්‍රවර්ධනය කරන අරමුණු 4ක් හඳුනාගත හැකි බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඉන් පළමු අරමුණ වන්නේ කංසා වැවීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ට පමණක් නොව ඕනෑම අයෙකුට බලපත්‍ර ලබාදීම බවයි වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

දේශීය ආයුර්වේද අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද මේ සම්බන්ධයෙන් මුලාවේ වැටී ඇති බවද පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා,  කංසා වැවීමෙන් ඩොලර් බිලියන 28ක් ඉපැයිය හැකි බවට පවසන කතාව කිසිසේත් කළ නොහැකි දෙයක් බවත්, ලංකාවේ සියලුම කුඹුරු ඉඩම්වල කංසා වගාකළත් එබඳු මුදලක් හොයාගැනීමට නොහැකි බවත් පෙන්වා දෙයි.

දෙවැනි අරමුණ වන්නේ අයුර්වේදය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් සම්බාහන ශිල්පීන් ලෙස මෙරට අහිංසක දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම බවයි වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට යැයි පවසමින් තායිලන්තයේ මෙන් සම්බාහන ශිල්පීන් ලෙස ගණිකා ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ඩයනා ගමගේලාට මෙමගින් අවකාශ සැලසෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

තුන්වැනි අරමුණ වන්නේ අයුර්වේද වෛද්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීම බවද, මෙම පනත තුළින් එම කූඨ අරමුණ ඉටුවන බවද ඒ මහතා පවසයි.

සිව් වන අරමුණ ලෙස වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ දේශීය අයුර්වේද වෛද්‍යවරුන්ට තමන්ගේම ඖෂධ නිෂ්පාදන කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම බවත්, තමන්ගේම ඖෂධ උයනක් පවා පවත්වාගෙන යෑම මෙමගින් අහෝසි වී මහා සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීමට මෙම පනත හරහා සිදුවන බවත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More