උතුරේ බෞද්ධ වෙහෙර විහාර හරහා දෙමළ හා සිංහල සාමාන්‍ය ජනතාව අතර සංස්කෘතික වශයෙන් හා සමාජීය වශයෙන් දැඩි බැඳීමක් ඇතිවන බවත්, එසේ සිදුවීම මගින් ශක්තිමත් රටක් ගොඩනැගෙන බව දන්නා ඉන්දියාව තමන්ගේ භූ දේශපාලනික වුවමනාව මත උතුරේ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීමේ සැලසුමේ පිටුපසින් සිටින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.
ඔහු මෙම කරුණු හෙළිකළේ ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාවට එක් වෙමිනි.
උතුරේ සාමාන්‍ය ජනතාව අතර බෞද්ධ විරෝධයක් හෝ උතුරේ ඇති බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ අන්තවාදී මතවාද නොමැති බවද, එම මතවාදයන් උතුරය හා දකුණට ප්‍රචාරය කරන්නේ උතුරේ දේශපාලකයන් විසින් බවද ඒ මහතා පවසයි.
උතුරේ සියල්ල පාලනය වන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව මත බවද, රාජ්‍ය නොවන සංවිධාන, හා දෙමළ දේශපාලකයන් එම අවශ්‍යතාව ඉටුකිරීමට කටයුතු කරන බවද ඔහු පැහැදිලි කරයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...