දේශීය පුවත්

මෑතක දී තමන් සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී එම රටේ දියුණුව හොඳින්ම දැනගත් බවත්, ඕස්ට්‍රේලියාවේ දී කිසියම් පුද්ගලයෙකු අසනීප වී ගිලන් රථයක් ඇමතු විට එකක් වෙනුවට දෙකක් පැමිණෙන බවත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන්කර තිබිණි.

එසේ ගිලන් රථ දෙකක් පැමිණෙන්නේ එක ගිලන් රථයක දෝෂයක් ඇති වුවොත් අනෙක් රථයේ රෝගියා රැගෙන යාමට බව ද, ලෝකයේ සෑම රටකම පාහේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳව බවද හෙතෙම අදහස් දක්වා තිබිණි.

කෙසේවෙතත් අනුර දිසානායක මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් එම පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ දැනට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවාදීව කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි කනිෂ්ක ජයලත් තම සමාජ ජාලා ගිණුමේ සටහන් කර ඇත්තේ වැඩකරන ජනතාවට බදු ගසමින්, ධනපති පන්තියට බදු සහන දෙන ඕස්ට්‍රේලියාව එබඳු පට්ට දියුණු රටක් නොවන බවයි.

ගිලන් රථ දෙකක් තියා අවශ්‍ය විටක දී එකක් ගෙන්වා ගැනීමටත් ජනතාව දුක් විඳින බවද, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින පීඩනය අනුව හරිනම් ජනතාව පාරට බැසිය යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

අදාළ සටහන පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More