දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය සිකුරාදා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයෙන් පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.
බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු තවමත් විදෙස් රටක රැඳීසිටින අතර ඔහුට එරෙහි නඩුවක්ද මේ වනවිට අධිකරණයේ විභාගවෙමින් පවතී.
දේවගැතිවරයාගේ බිරිඳ සහ දරුවන් මෙරටට පැමිණියද ඔහු තවදුරටත් විදෙස්ගතව සිටිමින් අන්තර්ජාලය ඔස්සේ දේශනා පවත්වමින් සිටී.
ඒ ඔහු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවට පොලිසිය සඳහන් කර ඇති පසුබිමකය.
මෙවන් වාතාවරණයක දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිකුරාදා දිනවලදී සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන දේව මෙහෙය සඳහා පසුගිය සිකුරාදා පමණක් පුද්ගලයන් 300ක් ලියාපදිංචි වී ඇත.
ඊට එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 139ක මුදලක් අය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව, ඔහු එමගින් උපයා ඇති වටිනාකම රුපියල් කෝටියකට අධික බවට විශ්වාස කෙරේ.
දේවගැතිවරයා එම දේශනා මගින් උපයන මුදල් පිළිබඳව ඉදිරියේදී විමර්ශනයක් සිදුකිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...