දේශීය පුවත්

ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ විචාරයකින් තොර කටයුතු නිසා ශාසන සම්ප්‍රදායන් හෑල්ලු වන බවත්, ගස් පැවිදි කිරිම වැනි විගඩම් නිසා ශාසනය හාස්‍යයට ලක්වූ බවත්, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

මෑතකදි ගලවා ඉවත්කරනලද පඬුකරඳ ගස පවා පැවිදි කරනවා යැයි විගඩමක් කළ බවත්, එම ගස ඉවත් කිරිමෙන් පසු සමාජ මාධ්‍යයෙන් ගස් පැවිදි කිරිම යන්න හාස්‍යයට ලක්කර ඇති බවත් විපස්සි හිමියෝ පවසති.

මේ විකාරවලට මූලිකම හේතුව වි ඇත්තේ එවන් භික්ෂුන්ට ධර්ම විනය හා ශාසනික සම්ප්‍රදාය ගැන අවබෝධයක් නැතිවීම බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන විපස්සි හිමියෝ,

“ගස් පැවිදි කිරිමක් ගැන සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකයේ කොහේවත් නැහැ. වෙනත් රටක සිදුකරනවා යැයි කියමින් ශාසනික සම්ප්‍රදායට නොගැලපෙන ගස් පැවිදි කිරිම වැනි අදූරදර්ශි ක්‍රියාමාර්ග ගැනීම නිසා විශාල හානියක් සිදුවුණා. මෙවන් අවිචාරවත් වැඩ කරන්න එපා කියලා මීට පෙර කීප වතාවක්ම මම කියා තිබෙනවා. භික්ෂුව ධර්මය පිළිපදිනවා වෙනුවට සමාජය අදහන්නට යෑම නිසා දිනෙන් දිනම විනාශය කරා යෑම වැළැක්විය නොහැකියි”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More