භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතක් කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
මේ වන විට රටේ විවිධ ප්‍රදේශවලින් භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා රාශියක් වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
ආගමික වෛරයන් ඇති කිරීම සහ ආගමික හැඟීම්වලට පහර වදින ආකාරයෙන් වෙන යෙදුම් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද, මෙම භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉදිරි මාස 2 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...