රතු දත්ත පොතටද ඇතුළත් වූ ලොවින් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති දාරළුව ප්‍රදේශයේ පිහිටි කෲඩියා සිලනිකා (පඬුකරඳ) ශාකය ගළවා ඉවත් කිරීම බලහත්කාරයෙන් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.
වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මෙම කෲඩියා සිලනිකා ශාකයට මේ අනතුර සිදුවන බව දුටු නිසාම එය පිරිත් කියා මහණ කර සාංගික දේපළක් බවට පත් කළ බවද උන්වහන්සේ පවසති.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ආනන්ද සාගර හිමියන්,
“අපි පරිසර අමාත්‍යාංශයෙන් සහ වන සංරක්‍ෂණයෙන් අහනවා මෙම කුලයට සහ මෙම ප්‍රභේදයට අයත් ශාකමද අනෙක් තැන්වලත් තිබෙන්නේ කියලා. මෙවැනි ශාක කිහිපයක් තිබෙන බවට ඔවුන් කියා තිබුණා.
මෙම ශාකය වැනි ශාක නැවත හදාගැනීමට නම් මව් ශාකය තිබිය යුතුයි. මේ සිදුකර අත්තේ විශාල ජාතික අපරාධයක්. අපි මුලින් පොලිසියට පැමිණිලි කර පසුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...