දේශීය පුවත්

ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මේ වන විට සාමාන්‍ය වෙළෙඳපොළේ ද පවතින බවයි.

එහි සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ, ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොළේ අලෙවි කරන බව ය.

“ඉන්දියන් බිත්තර ඒ ලේබල් එකත් එක්ක තියෙන කොට පාරිභෝගික අධිකාරියෙන් නඩු දානවා. දැන් ඒගොල්ල්ලෝ කරන්නේ පිටකොටුවේ බී ළූණු සුද්ද කරනවා වගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කුඩුකාරයොන්ට දීලා වෙළෙඳපොළට දානවා හූනු බිජු බිත්තර.”

මේ දක්වා බිත්තර මිලියන 20කට අධික බිත්තර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති නමුත්, ඒවා ලබා දී ඇත්තේ බේකරිවලට සහ හෝටල් හිමියන්ට පමණක් බවයි පැවසෙන්නේ.

මේ අතර, ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සිය සංස්ථාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ත් කිසිදු අවස්ථාවක රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව එම බිත්තර වෙළෙදපොළට නිකුත් කර නොමැති බව ත් එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් කිසිදු අවස්ථාවක ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කර නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් මෙය සිදු කරනු ලබන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා දැනුවත් වී නොමැති බව ද ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More