“අපේ ළමයි ශිෂ්‍යත්ව අරමුදල” මගින් ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව අතරින් විසිහය වැන්න මුලතිව් දිස්ත්‍රික්කයේ, සිරිතිලකමිත්‍ර පිරිවෙනේ ඉගෙනුම ලබන පූජ්‍ය නාමල්පොකුනේ සුබෝධාලංකාර සාමණේර ස්වාමීන් වහන්සේට ප්‍රදානය කර තිබේ.
එම ශිෂ්‍යත්ව ප්‍රධානය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම,
මුලතිව් ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම හා එක්ව “අපේ ළමයි ශිෂ්‍යත්ව අරමුදල” මගින් ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව අතරින් විසිහය වැන්න, පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනු නායක ස්වාමීන්ද්‍ර ගුණානුස්මරණ ශිෂ්‍යත්වය ” මුලතිව් දිස්ත්‍රික්කයේ, සිරිතිලකමිත්‍ර පිරිවෙනේ ඉගෙනුම ලබන පූජ්‍ය නාමල්පොකුනේ සුබෝධාලංකාර සාමණේර ස්වාමීන් වහන්සේට ප්‍රදානය කරන ලදී.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ ජනතාවගේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම සඳහා ඉමහත් කැප වීමෙන් කටයුතු කළ පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණය කරනු පිණිස මේ ශිෂ්‍යත්වය පිරිනමන ලද්දේ දැනට කැනඩාවේ කැල්ගරි හි පදිංචි දිනිති වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි. මේ ශිෂ්‍යත්වය පිරිනමන දිනිති වීරසූරිය මහත්මිය ඇතුළු පිරිස මාතෘ භූමියේත් රට දැය සමයේත් සුරක්ෂිතබව පතන පිරිසකි.
පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුස්වාමීන්ද්‍රයන් වහන්සේ, සේරුවාවිල පුරාණ රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපතීත්වය හොබවමින් උතුරු නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැපවුණු වීර්යවන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි. සිය ගුරුදේවයන් වහන්සේ වන ජ්‍ය දඹගස්ආරේ සුමේධංකර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කොට වදාළ සේරුවිල මංගල රජමහ විහාරය ප්‍රමුඛ සියලු විහාර රැකගැනීමට උන්වහන්සේ ගත් උත්සාහය ප්‍රශංසනීය වේ.
උන්වහන්සේට කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දීමට සිදුවිය.
උන්වහන්සේ පසුව සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ, ශ්‍රී කල්‍යාණිවංස පාර්ශ්වයේ අතිපූජනීය අනුනායක පදවියද හෙබවූහ.
පූජ්‍ය නාමල් පොකුනේ සුබෝධාලංකාර සාමණේර ස්වාමින්වහන්සේගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා දිරි දීමනාවක් ලෙස වසරක කාලයක් මේ ශිෂ්‍යත්වය ලැබීමට නියමිතය. උන්වහන්සේ පූජ්‍ය පිඹුරත්තෑවේ සන්තින්ද්‍රියාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය හිමි නමකි.
සිදු කරනු ලැබූ මේ උදාර පිංකමෙන් ජනිත කුසල ශක්තියේ ආශිර්වාදයෙන් පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු එම විහාර ගණයේ අපවත් වී වදාළ සියලුම සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් නිවන් සුවය පතමු.
එමෙන්ම පූජ්‍ය නාමල්පොකුණේ සුබෝධාලංකාර සාමණේර ස්වාමින් වහන්සේ, පූජ්‍ය පිඹුරත්තෑවේ සන්තින්ද්‍රියාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සඟරුවනටත් මේ ශිෂ්‍යත්වය ලබාදුන් දිනිති වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ශිෂ්‍යත්වයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කැනඩාවේ,කැල්ගරි හි පදිංචි අරුණ ප්‍රියශාන්ත මහතා ඇතුළු හැම දෙනාටමත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් වේවායි පතමු.
අපේ ළමයි ශිෂ්‍යත්ව අරමුදල.
ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...