රොහාන් පල්ලෙවත්ත මහත්මයා,
මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්තයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න.
වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ලංකාව දිනවන්න.
ඒක හොඳට ම ඇති.
දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ.
FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා. ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා.
මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.
ලෝකයේ තිබුණු දරුණු ම ත්‍රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්‍රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න.
ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා.
නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ.
කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද?
ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්.
වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා.
පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ.
UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්.
‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක්.’
නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්.
අර පිරිත්පොත්කාරයා වගේ තක්කඩියන්ට රැවටුණු ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ. ඔබතුමන් ගේ විශේ්ෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්‍යාපාරික සමාජයේ.
ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න.
අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ.
මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ.
මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.
– කුමාර ලියනගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...