පොලිස්පතිවරයා විශ්‍රාම යන විට නව පොලිස්පතිවරයෙක් පත්කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩි. වික්‍රමරත්න මහතාට සේවා දිගු දීම විකෘතියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රජය තුළ ඇති කඹ ඇදීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වී ඇති බව ද, නව පොලිස්පතිවරයෙක් හැකි ඉක්මණින් පත්කිරීමට මැදිහත්වීම ව්‍යවස්ථා කවුන්සිලයට වගකීමක් ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.
මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී ක්‍රියා වර්තමානය වන විට රටතුළ වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීමට නම් කාර්යක්ෂම පොලිස් සේවාවක් අවශ්‍ය බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...