දේශීය පුවත්

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වී ඇති සමූහ මිනීවළ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර මට්ටමේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ කීපදෙනෙකු එම සමූහ මිනීවලට ආසනයේ ඊයේ (09) පවත්වා ඇති බව වාර්තා වේ.

මේ විරෝධතාවයට යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ඥාතී සංගම් වල නියෝජිතයෝ ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

දැනට මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනීවලේ කැනීම් කටයුතු කරගෙන යද්දී හමුවන ද්‍රව්‍ය හා සාධක අනුව එම සමූහ මිනීවළ කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ වධකාගාරවලදී මරා දමන ලද කොටි සාමාජිකයින් මිහිදන් කිරීම පිණිස යොදා ගත් ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

නමුත් මේ මතය බැහැර කරන හා එය පිළිගැනීමට දැඩි අකැමැත්තක් දක්වන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ මේ සමූහ මිනී වලේ ඇත්තේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මරා දමන ලද පුද්ගලයින් බව සනාථ කිරීමට දැඩි උත්සහයක නිරත වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More