දේශීය පුවත්

බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් හි අධිපති ඇන්ඩෲ බේලි දේශීය සිල්ලර වෙළෙන්දන් ‘රට මුහුණ දෙන උද්ධමනය අයුතු ලාභ ලැබීමට’ කටයුතු කිරීම හෙළා දැක ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් මිල ඉහළ දැමීමෙන් අධික ලෙස උද්ධමනයේ වාසිය ලබාගෙන ඇති බවද පැවසුවේය.

පසුගියදා බීබීසී සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පැවසුවේය. එහිදි බේලි වැඩිදුරටත් පැවසුවේ මිලියන සංඛ්‍යාත පවුල් එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට අරගල කරන විට ඇතැම් සිල්ලර වෙළෙන්දන් “පාරිභෝගිකයින්ගෙන් අධික ලෙස සුරා කන” බවයි.

“ඔබ පෙට්‍රල් මිල දෙස බැලුවහොත්, සමහර පෙට්‍රල් පිරවුම්හල් අයිතිකරුවන් පෙට්‍රල් සඳහා නියමිත මිලට වඩා අය කර තිබෙනවා.” ඇන්ඩෲ බේලි පැවසුවේය.

එංගලන්තයේ ඉහළම ආර්ථික විද්‍යාඥයා වන ඇන්ඩෲ බේලිට අනුව, ” විශේෂයෙන්ම ඉන්ධන වෙළඳපොලේ සිල්ලර මිල පිළිබඳ නියාමකයින්ගේ පියවරයන් උද්ධමනය අඩු කිරීමට උපකාරී වේ.” එලෙසම
ලබන වසර අවසානයේ දී එක්සත් රාජධානියේ උද්ධමනය 2% ඉලක්කය වෙත ආපසු වැටෙනු ඇතැයි ඇන්ඩෲ බේලි විශ්වාස කරයි.

පොලී අනුපාත පහත වැටීමක් දැකිය හැක්කේ කවදාදැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට බෙයිලි මෙසේ ප්‍රතිචාර දැක්වීය: “පොලී අනුපාත පහත වැටීමට පටන් ගන්නා දිනය ගැන මට ඔබට දිනයක් ලබා දිය නොහැකියි. මන්ද එය ඇත්ත වශයෙන්ම රඳා පවතින්නේ ඉදිරි කාලය තුළ සිදුවන දේ මතයි. නමුත් උද්ධමනය අඩු වීමට අප කළ යුතු වැදගත්ම දෙයත් පොලී අනුපාත පහළ දැමීම පමණයි.”

මේ අතර, JP Morgan ආයතනයේ ආර්ථික විද්‍යාඥයින් මේ සතියේ ඇ ස්තමේන්තු කළේ, උද්ධමනය පාලනය කර ගැනීම සඳහා “බෑංක් ඔෆ් ඉංග්ලන්ඩ්” හට ගෘහස්ථ අයවැයට වඩා දැඩි ලෙස පහර වැදුනද දැනට පවතින පොලී අනුපාත 5% සිට 7% දක්වා තවදුරටත් ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.

මෙම වසර මුලදී, බෑංක් ඔෆ් ඉංග්ලන්ඩ් අනතුරු ඇඟවූයේ බ්‍රිතාන්‍ය කුටුම්භ සහ ව්‍යාපාර තමන් වඩාත් නරක අතට හැරෙන බව පිළිගැනීමට අවශ්‍ය බවත් වැටුප් වැඩිකිරීම් ඉල්ලා සිටීම සහ මිල ඉහළ නැංවීම නතර කළ යුතු බවත්ය. කොරෝනා වසංගතය, යුක්රේනයේ ගැටුම සහ බෝග හිඟය මගින් ජනනය කරන ලද “උද්ධමනකාරී කම්පන මාලාවක්” එක්සත් රාජධානියේ පාරිභෝගික භාන්ඩ වල මිල වසර 40ක ඉතිහාසය තුළ ඉහළම අගයට ළඟා වී ඇති බව බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හූ පිල් එකල පැවසීය. ඉහල යන ජල විදුලි බිල්පත් සහ අනෙකුත් ඉහල යන වියදම් වලට ප්‍රතිචාර වශයෙන්, කම්කරුවන් සහ ව්‍යාපාර උද්ධමනයේ බලපෑම එකිනෙකා මත මාරු කිරීමට උත්සාහ කරන බව ඔහු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More