බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ විහාරස්ථාවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජය කැලඹෙන බැවින් අනවශ්‍ය ලෙස හැසිරෙන සහ එම සිද්ධි මාධ්‍යයට මුදාහරින පාර්ශවයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.
කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුව ඇති සිදුවීම දැනගත් විගස පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත් බව පැවැසූ විදානපතිරණ මහතා ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කීය.
එම සිද්ධියේදී භික්ෂුවගේ හැසිරීමත්, බාහිර පාර්ශවයක් එම ස්වාමීන් වහන්සේ ඇතුළු කාන්තාවන් දෙදෙනාට පහරදීමත් වැරදි බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
මෙවැනි සිද්ධි සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැටලුවක් වී තිබෙන බවත්, එතුළින් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ද අපහසුතාවට පත්වන බවත් ඒ මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...