දේශීය පුවත්

ගාලු මුව‍ෙදාර අරගලයට නායකත්වය ලබාදුන් පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම්වලට විදේශයන්ගෙන් මුදල් ලැබී තිබේ දැයි මේ වන විට ආරක්ෂක අංශ විමර්ශනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එම ගිණුම්වලට මුදල් ලැබී තිබෙන ආකාරය පිළිබඳව දැනට තොරතුරු ලැබී තිබෙන බව ත් ඒ අනුව අරගලයට නායකත්වය දුන් අයට ඩොලර් ලැබුණු ආකාරය පිළිබඳව ඉදිරියේදී ඉතා වැදගත් හෙළිදරව්වක් සිදුවනු ඇති බව ත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අරගලයට සම්බන්ධ වූ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ ගිණුම්වලට ගෝතමාලාවෙන් රුපියල් කෝටි 4ක් සහිතව රුපියල් කෝටි 10ක් මුදල් ලැබී ඇතැයි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා ගල්වල සිරිධම්ම හිමියන්ගේ ගිණුම්වලට මුදල් ලැබී ඇති ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ද සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවෙස ගිනි තැබීමට සම්බන්ධ බවට අත්අඩංගුවටගෙන ඇති තරුණයෙකුගේ බැංකු ගිණුම්වලට විදේශයන්ගෙන් ඩොලර් ලැබී ඇතැයි ද ඔහු පවසයි.

දෙමළ ඩයස්පෝරාව ඇතුළු විදේශීය රටවල් හා තානාපති කාර්යාල මෙම අරගලකරුවන්ට මුදල් ලබා දී තිබෙන බවට ද තොරතුරු ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More