දේශීය පුවත්

උතුරු මුහුදු සීමාවේ නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම වැඩි වී ඇති බවටත් මේ හේතුව නිසාවෙන් සාගර පරිසරයට දැඩි අවධානම් තත්වයක් මතුව ඇතැයි නාවික හමුදාව පෙන්වා දෙයි.

පසුගියදා යාපනය වෙත්තිලකේනි මාමුනෙයි මුහුදු තීරයේදී නීතිවිරෝධී අයුරින් මසුන් ඇල්ලූ ධීවරයින් 08 දෙනෙකු සහ ධීවර යාත්‍රා 04 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් පියවර ගත් අතර ඔවුන් සතුව තිබී කිමිඳම් උපකරණ රැසක්ද සොයාගනු ලැබීය.

ධීවරයින් විසින් උතුරු මුහුදු සීමාවේදී මෙලෙස කිමිදුම් උපකරණ යොදාගනිමින් වැඩි වශයෙන් මුහුදු ඛූඩැල්ලන් ඇල්ලීම සිදුකරන අතර මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වීශේෂ අවසර පත්‍රයක් අවශ්‍ය වන අතරම මෙහිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේදී ධීවරයින් විසින් සාගරික සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ කරන බවටද නාවික හමුදාව පෙන්වා දෙයි.

එමාන්ම සුරුක්කු ලයිලා වැනි තහනම් දැල් භාවිතය හේතුවෙන්ද සාගරික පරිසරයට දැඩි හානි සිදුවන අතර වැඩිවශයෙන්ම සාගරික සම්පත් වලට හානි සිදුවන්නේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමෙන් බවට පෙන්වා දෙයි.

එහිදී පුපුරණ ද්‍රව්‍ය යෙදීමෙන් කුඩාම මාලුවාගේ සිට මිය යන අතරම සාගරික පැලෑටි විශාල වශයෙන් විනාහයට පත්වෙයි.

ධීවරයින් මෙලෙස නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ කටයුතු වලට නැඹුරුවී ඇත්තේ වැඩි මත්ස්‍ය සම්පතක් හසුකරගැනීමට වුවද එමගින් සාගරික සම්පත් විනාශ වි මත්ස්‍ය සම්පතද විනාශ වී යන බවටද නාවික හමුදාව පවසයි.

එමෙන්ම මුහුදු කූඩැල්ලන් වැනි මත්ස්‍ය විශේෂයන් ඇල්ලීම සඳහා ධීවරයින් නැඹුරු වී ඇත්තේ අදාල මත්ස්‍ය විශේෂයන් සඳහා විදේශ වෙළඳපොළේ අධික මිලක් නියමවීම හෙතුවෙන් බවටද නාවික හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More