දේශීය පුවත්

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී. ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වලේ තිබී බෝම්බ හා පතරොම් කීපයක් 8 දා හමු වී ඇත.

යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් බවට තොරතුරු අනාවරණය වන අතර දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සෙබළියන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සහයක් දරමින් සිටිති.

දෙමළ පක්ෂ කීපයක් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට ඇති අතර කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ මස අවසානයේදී උතුරු නැගෙනහිර පුරා උද්ඝෝෂණයක් දියත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.

නමුත් යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් නොව කිසිදු ආරක්ෂක අංශ කණ්ඩායමක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නොසිටි නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් ගොඩ නැගීමට යන තර්කය සම්පූර්ණයෙන්ම අසත්‍යක් වනු ඇත.

මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවන රාජා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම කැණීම් වලදී කොටි සෙබළියන්ගේ බවට සැකකෙරෙන ඇටසැකිලි කොටස් නිල ඇඳුම් කොටස් හා ආයුධ හමුවීම නිසා එම සමූහ මිනී වලේ කැණීම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.

දිනසේන රතුගමගේ
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More