රජයේ රෝහල් තුළ CT ස්කෑන් යන්ත්‍ර 44ක්, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් සහ PET ස්කෑන් යන්ත්‍ර 02ක් පැවතියත් ඉන් බොහෝමයක් මේ වනවිට අක්‍රීයවී ඇති බව වාර්තා වෙයි.
අක්‍රීය වූ එම යන්ත්‍ර යථා තත්ත්වයට පත්කිරීම ප්‍රමාද වී ඇත්තේ, එම යන්ත්‍රවල සේවා ගිවිසුම් කාලය ඉකුත්වීම හේතුවෙන් බවද පැවසෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා,
“MRI 13න් මේ වනවිට යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක නැහැ. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ තිබෙන යන්ත්‍රය වසර දෙකකට පෙර තමයි බිඳවැටුණේ. දැන් මේ වනවිට කුඩා දරුවන්ට MRI පරීක්ෂණ නැහැ. අනුරාධපුර රෝහලේ MRI යන්ත්‍රය ජනවාරි සිට බිඳවැටිලා. මේ වනතුරු යන්ත්‍රය යථාවත් කිරීමක් සිදුවෙලා නැහැ. අනුරාධපුර රෝහලේ වසරකට වැඩි පොරොත්තු ලේඛන තියෙනවා. CT ස්කෑන් යන්ත්‍ර 43න් මේ වනවිට 12ක් බිඳවැටිලා. අද දවසේ ගත්තොත් CT ස්කෑන් යන්ත්‍ර එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ CT යන්ත්‍රය අක්‍රීයයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...