නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිව්වැනි අදියර යටතේ මෙගාවොට් 300 ක බලාගාරයක් ඉදිකිරීම සඳහා පිහිටුවූ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සඳහා වැයකර තිබෙන රුපියල් කෝටි දාසයක (මිලියන 167) මුදල වතුරේ ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඊට හේතු වී ඇත්තේ අදාළ ගල් අඟුරු බලාගාරය ඉදි නොකිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇති නිසාය.
ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පවසන්නේ නොරොච්චෝල හතරවැනි බලාගාරය ලෙස මෙගාවොට් 300කින් යුත් මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් ස්ථාපිත කළ ව්‍යාපෘති කළමනාකරණය ඒකකයේ නිලධාරීන් දෙතුන්දෙනා ඉකුත් 2019-2020 කාලයේ දී වැය කළ රුපියල් කෝටි දහසයක මුදල අතරින් රුපියල් එක්කෝටි අසූලක්ෂයක් (මිලියන 18) විශේෂ දීමනා ලෙස ලබා ගෙන ඇති බවයි.
කිසිදු ප්‍රතිඵලයක් නැති ව්‍යාපෘතිය සඳහා ලංවිම මේ සා විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනයක් කළ යුතුව ඇතැයිද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...